ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරන ජාතික අන­තුරු නිවා­රණ සතිය අදින් (07) ඇරඹේ. අද සිට 11 දා දක්වා මේ සතිය ක්‍රියා­ත්මක කරන අතර මේ වර්ෂයේ දී සම­රනු ලබන්නේ දස­ වැනි ජාතික අන­තුරු නිවා­රණ සති­යයි. මාර්ග අන­තුරු වැළැ­ක්වීමේ දිනය අදට (07) ද, සේවා ස්ථාන­යන්හි අන­තුරු වැළැ­ක්වීමේ දිනය 08 වැනි­දාට ද, නිවෙස් සහ වැඩි­හිටි නිවා­ස­ව­ලදී වන අන­තුරු වැළැ­ක්වීමේ දිනය 09 වැනි­දාට ද, දියේ ගිලී­ම්ව­ලින් වන අන­තුරු වැළැ­ක්වීමේ දිනය 10 වැනි­දාට ද, පාසල්, පෙර පාසල් සහ දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථා­න­වල සිදු වන අන­තුරු වැළැ­ක්වීමේ දිනය 11 වැනි­දාට ද යෙදී ඇත.

මෙරට සමස්ත ජන­ග­හ­න­යෙන් 7 දෙන­කු­ගෙන් එක් අය­කුම වෛද්‍ය ප්‍රති­කාර සඳහා යොමු විය යුතු ආකා­රයේ අන­තු­ර­කට වාර්ෂි­කව පත්විය හැකි බවත් සෑම විනා­ඩි­ය­ක­ටම අවම වශ­යෙන් ශ්‍රී ලාංකි­ක­යන් 6 – 8 දෙන­කුට වෛද්‍ය ප්‍රති­කාර අවශ්‍ය වන ආකා­රයේ අන­තු­රක් විය හැකි බවත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

හදිසි අන­තුරු හේතු­වෙන් ප්‍රති­කාර සඳහා ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමු කෙරෙන රෝගී­න්ගෙන් වාර්ෂි­කව 2500-3000ක් පමණ මර­ණ­යට පත් වන අතර, රෝහ­ල්වල සිදු වන මර­ණ­ව­ලට හේතු­වන සාධක අතු­රින් 10 වැනි ස්ථාන­යට පත්ව ඇත්තේ හදිසි අන­තු­රුය.

ශ්‍රී ලංකාව තුළ වාර්ෂි­කව සිදු වන 145,000ක් පමණ වන සමස්ත මරණ අතු­රින් සිය­යට 8ක් හෙවත් 10,000- 12,000කගේ පමණ ජීවිත හදිසි අන­තුරු නිසා ශ්‍රී ලංකා­වට අහිමි වන බවත්, සෑම පැය තුන­ක­දීම අවම වශ­යෙන් 4 දෙන­කුගේ පමණ ජීවිත විවිධ අන­තුරු නිසා රටට අහිමි වන බවත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පව­සයි.

සන්ධ්‍යා කරු­ණා­රත්න