සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි 15 වැනිදාට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා – විභාග දෙපාර්තමේන්තුව

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 478,182 ක් පෙනී සිට තිබෙනවා