ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

මදුරු කීටයන් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221ක් සොයාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

එහිදී මදුරු කීට බෝවන ස්ථාන සහිත පාසල් 35ක් සොයා ගෙන ඇති බවයි එම ඒකකය ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි. 

ඊයේ දිනයේ ප්‍රගතිය දැනුම් දීම සදහා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පළ කළ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර කියා සිටියේ මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසි නවදහසක් වාර්තා වී ඇති බවයි. 

මේ අතර, දිවයිනේ සියලු පාසල් වල ඩෙංගු මැඩලීමේ වැඩසටහනක් ලබන බදාදා ක්‍රියාත්මක අතර එය නම් කර ඇත්තේ පාසල් ඩෙංගු උවදුර මැඩලීමේ දිනය ලෙසයි. 

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝ වන ස්ථාන හදුනාගෙන ඒවා ඉවත් කිරීම ඇතුලු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙනවා.