මැයි මස 06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය 20දා සිට 02 වැනිදා දක්වා මැතිවරණ පැමිණිලි 456ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
එම පැමිණිලි 456 අතර ප්රචණ්ඩ ක්‍රියා 04ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 423ක් සහ වෙනත් 29ක් වේ.
මේ පැමිණිලි 456 අතරින් පැමිණිලි 422ක් විසඳා ඇති බවත් පැමිණිලි 34ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවත් කොමිසම එම නිවේදනයේ දක්වා ඇත.
එමෙන්ම පෙරේදා 02 ගත වූ පැය 24 තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 43කි. ඒ අතර
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 41ක් සහ වෙනත් පැමිණිලි 01ක් බව කොමිසම නිවේනදයක් නිකුත් කරමින් කියා සිටියි.







