කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල ලබන 07වැනිදා දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පැවසීය.
සූර්යයා සෑම වසරකම දෙවරක් ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වන බවත්, ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම ලබන 07වැනිදා දහවල් ලබා ගත හැකි බවත් අනුර සී.පෙරේරා මහතා කියාසිටියේය.
මෙසේ ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන් වීම අද(04) දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වන අතර, පුරා දින 10 ක පමණ කාලයක් , සූර්යයා එසේ ශ්‍රී ලංකාවට ඉහලින් විවිධ ප්‍රදේශ වලට දහවල් කාළයේ මුදුන් වන බවත් , එළඹෙන 15වැනිදා එය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සිදු වන බවත් , ඉන්පසුව එම මුදුන් වීම ශ්‍රී ලංකාවෙන් බැහැරට යන බවත් අනුර සී.පෙරේරා මහතා පැවසීය.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා ලබන 07වැනිදා දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කදවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක් , යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා මහතා සදහන් කළේය .
මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත ය.
රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත් , එය සමනය කිරීම සදහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.








