2025 පිළිගන්න වතුකරය සූදානමින්

වතුකරයේ ජනතාව 2024 වසරට සමු දී 2025 නව වසර පිළිගැනීමට උද්‍යෝගයෙන් සූදානම් වන ආකාරයක් දක්නට ලැබුණි.

දේශීය වෙළෙඳපොළේ එළවළු මිල තරමක් පහළ බැස ඇති අතර, බී ලූනු, අර්තාපල් සහ පොල් මිල පසුගිය මාස කිහිපය තුළ පැවැති මිලට සාපේක්ෂව අඩු වී ඇති බව වෙළෙඳුන් සඳහන් කරති. කෙසෙල් කිලෝවක මිල ද පහළ බැස ඇති අතර, ඒ අනුව රු.150-200 දක්වා සිල්ලර මිලකට කෙසෙල් අලෙවි කරනු ලබයි. හැටන් සතොස ශාඛාව මඟින් පාරිභෝගිකයන්ට ආනයනික සුදු සහල් සහ සම්බා සහල් අලෙවි කරන අතර, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව පරිදි සතොස ශාඛාව මඟින් පොල් මිලදී ගත හැකි බව සතොස සේවකයෝ කියා සිටිති.