මරා­ගෙන මැරෙන බෝම්බ­ය­කින් ඇෆ්ගන් ඇමැ­ති­ව­ර­යෙක් මරු දකී

ඇෆ්ග­නි­ස්තා­නයේ කාබුල් අග­නු­වර ඊයේ සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­ය­කින් එර­ට­ ස­ර­ණා­ගත කට­යුතු ඇමැති කලීල් හාකානි ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේ­බාන් රජයේ අභ්‍ය­න්තර කට­යුතු ඇමැති සිරා­ජු­ඩීන් හකා­නිගේ ඥාති­යකු වන බවත් වාර්තා වේ.  මරා­ගෙන මැරෙන බෝම්බ­කරු අමු­ත්තකු ලෙස වෙස් ව­ළා­ගෙන අමා­ත්‍යාංශ ගොඩ­නැ­ඟි­ල්ලට ඇතුළු වී ඇති අතර, ඇමැ­ති­ව­රයා ලිපි­ය­කට අත්සන් තබන මොහො­තේදී බෝම්බය පුපු­රුවා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මීට වසර තුන­කට පෙර තලේ­බාන් සංවි­ධා­නය ඇෆ්ග­නි­ස්තා­නයේ බලය අත්කර ගැනී­මෙන් පසු එරට ඉහළ මට්ටමේ ඝාත­න­යක් සිදුවූ පළමු අව­ස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.