ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය.
වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය ලබා ගැනීමටද අවස්ථාව සපයා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
වගාබිම් සකස් කිරිමේදී පවතින චක්‍රලේඛ පිළිබඳව නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.








