පාකි­ස්තා­නයේ දිස්ත්‍රික් 14කට පෝලියෝ වයි­ර­සය පැති­රෙයි

පාකි­ස්තා­නයේ දිස්ත්‍රික්ක 14කට පෝලියෝ වයි­ර­සය ව්‍යාප්ත වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආය­ත­නය තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සිය­ලුම දිස්ත්‍රි­ක්ක­වල පෝලියෝ වයි­ර­සය ඉතා අව­දා­නම් තත්ත්ව­යක පව­තින බව පළාත් රැස­කින් ලබා­ගත් පරි­ක්ෂණ සාම්පල් මඟින් අනා­ව­ර­ණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මේ වස­රේදි පාකි­ස්තා­න­යෙන් පෝලියෝ රෝගීන් 50 දෙනකු වාර්තා වී ඇති බවත්, රට පුරාම දරු­වන්ගේ ජීවිත අව­දා­න­ම­කට ඇද වැටී ඇති බවත් එරට ජාතික සෞඛ්‍ය ආය­ත­නයේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

අවු­රුදු 12 වයසේ පසු­වන දරු­වන් රෝග­ව­ලින් වළක්වා ගැනීම සඳහා ලබා­දෙන සාමාන්‍ය පිළි­වෙත හා සමා­නව පෝලියෝ එන්නත නොමිලේ සැප­යී­මට විවිධ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර ඇතැයි ද, ඊට අම­ත­රව තවත් රෝග රැස­කින් නිරා­ව­ර­ණය වීමට අවශ්‍ය එන්නත් වර්ග ලබා­දී­මට රජය පිය­වර ගෙන ඇතැයි ද එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. පෝලියෝ රෝග­යෙන් අවු­රුදු 5ට අඩු දරු­වන් වළ­ක්වා­ ගැ­නීම සඳහා ලබා දෙන එන්නත් ප්‍රමා­ණය මේ මස 16 වැනිදා වන විට මිලි­යන 44.7ක් වනු ඇතැයි ද වාර්තා වේ.