ජාත්‍යන්තර සමාජ මාධ්‍යජාලා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ ටික්ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාව තුළ තහනම් කිරීමේ නීතිය වොෂින්ටන් නුවර අභියාචනාධිකරණය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත වසරවලදී ගෝලීය වශයෙන් සැලකිය යුතු අන්දමින් ව්‍යාප්තවූ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමෙන් මිලියන 170කට වැඩි අමෙරිකානුවන්ට ඉන් ඉවත්වීමට සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමට අමෙරිකානු රජයේ අවධානය යොමුවී ඇත්තේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට හේතු දක්වමින් වන අතර, එය තහනම් කිරීමට නීති සකස් කර ඇත්තේ එහි පරිශීලකයන්ගේ තොරතුරු එක්රැස් කිරිමට ටික්ටොක් සමාජ මාධ්‍යයේ හිමිකාරිත්වය දරන චීන සමාගමට ඇති හැකියාව සොයා බැලීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම සඳහා අමෙරිකානු රජයේ අවධානය යොමුවී ඇත්තේ මිලියන ගණනාවක අමෙරිකානුවන්ගේ තොරතුරු හා දත්ත එක්රැස් කිරිමට එම සමාගමට ඇති හැකියාව හේතුවෙන් බවට නිගමනය කිරීමෙන් පසු කොලොම්බියා දිස්ත්‍රික්කයේ පිහිටි අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මේ තීන්දුව නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.