පියා පැදවූ ජිප් රථයට යටවීමෙන් 3 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 10, මරදාන දුම්රිය නිල නිවාස පදිංචිව සිටි විහග සත්සර නැමැති දරුවෙකි.
ලිපි ලේඛන කීපයක් ගැනීම සඳහා මරදාන දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයෙන් නිවස වෙත පැමිණ ආපසු යාම සඳහා වාහනය පසුපසට ගැනීමේදී නිවස තුළ සිටි කුඩා දරුවා එයින් පිටතට පැමිණි අවස්ථාවේදී ජීප් රථයේ පිටුපස දකුණු රෝදයට යටවී මෙම අනතුර සිදුවූ බව පොලිසියය කියයි.
බරපතල තුවාල ලද දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු මිය ගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරු රැකියාව කරන 36 හැවිරිදි පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දරුවාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවතීමට නියමිතය.








