රහසිගත පණිවිඩයක් බහාලූ වසර 132ක් පැරණි බෝතලයක් දකුණු ස්කොට්ලන්තයේ පිහිටි ප්‍රදීපාගාරයක් තුළින් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පණිවිඩය වසර 132ක් පැරැණි බව එම බෝතලය සොයාගත් ඉංජිනේරුවරුන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම බෝතලය හමුවී ඇත්තේ දකුණු ස්කොට්ලන්තයේ කෝර්ස්වෝල් ලයිට් හවුස් නමැති ප්රදීපාගාරයකින් බවත්, පණිවිඩයක් සහිත එවැනි බෝතලයක් ස්කොට්ලන්තයෙන් සොයාගත් පළමු අවස්ථාව මෙය බවත් වාර්තා වේ.
එම පණිවිඩය පිහාටු පෑනකින් ලියන ලද්දක් බවට තහවුරු වී ඇති අතර, එහි 1892 සැප්තැම්බර් 4 වැනිදා ලෙස දිනය සඳහන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අඩි 30ක් උසැති ප්‍රදීපාගාරයට විදුලි පහන් සවි කළ ඉංජිනේරුවන් තිදෙනකුගේ නම් එහි සටහන් කර ඇතැයි ද වාර්තා වේ. දිගින් අඟල් 8ක් පමණ වන එම බෝතලය සොයාගෙන ඇත්තේ පරීක්ෂණ කටයුතු සඳහා එම ප්‍රදීපාගාරයට ගිය ස්කොට්ලන්තයේ ප්‍රදීපාගාර යාන්ත්‍රික ඉංජිනේරුවකු වන රෝස් රසල් නමැති නිලධාරියකු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.