කරා­පි­ටියේ 150 වැනි වකු­ගඩු සැත්ක­මත් ඉතා සාර්ථ­කයි-සැත්කම් සියල්ල කර ඇත්තේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේ­සිරි

ගාල්ල කරා­පි­ටිය මහ රෝහලේ 150 වැනි වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ වකු­ගඩු හා අව­යව බද්ධ කිරීමේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේ­සිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ලය විසින් ඉතා සාර්ථ­කව පෙරේදා (29) සිදු­ක­රනු ලැබීය.

කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ ඒ ඇන්ඩ් බී ශල්‍යා­ගා­රයේ සිදු­ක­රනු ලැබූ 150 වැනි වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම මෙය වේ.

මෙම ශල්‍යා­ගා­රයේ සිදු­ක­රනු ලැබූ වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම් 150ම සිදු­කොට ඇත්තේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේ­සිරි මහතා විසින් වීම විශේ­ෂ­ත්ව­යකි.

2012 වර්ෂයේ නොවැ­ම්බර් මස 19 වැනි දින ගාල්ල, කරා­පි­ටිය මහ­රෝ­හලේ ප්‍රථම වරට වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරනු ලැබීය. ඒ වකු­ගඩු හා අව­යව බද්ධ කිරීමේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේ­සිරි මහතා කරා­පි­ටිය මහ රෝහලේ සේව­යට පැමි­ණී­මත් සම­ඟය.

150 වැනි වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා තම පවුලේ වැඩි­ම­හල් සහෝ­ද­රිය විසින් තම සහෝ­ද­ර­යාට වකු­ග­ඩුව පරි­ත්‍යාග කොට තිබුණි.   අක්කාගේ වකු­ග­ඩු­වක් මල්ලිට බද්ධ කරනු ලැබූ අතර මෙම අක්කා මලෝ දෙදෙනා කඹු­රු­පි­ටිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රුවෝ වෙති. සහෝ­ද­රිය 53 වැනි වියේ පසු­වන අතර සහෝ­ද­රයා 52 වැනි වියේ පසුවේ.

වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා පැය හයක පමණ කාල­යක් ගතවී ඇත.

කොවිඩ් වසං­ග­තය නිසා එම කාලය තුළ වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම් නත­ර­කොට තිබුණි. ගාල්ල කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ වකු­ගඩු ඒක­කය තුළ වකු­ගඩු බද්ධ කිරී­මට අම­ත­රව රිය අන­තුරු හා විවිධ අන­තු­රු­ව­ලට ලක්වන අයගේ අත් පා බද්ධ කිරීම, නහර බද්ධ කිරිම, අංශ­භාග රෝගීන්ගේ රුධි­ර­නාල ශුද්ධ කිරීම ඇතුළු සේවා­වන් රැසක් මෙම ඒක­කය තුළින් සිදු­කෙරේ. මේ වන­විට විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේ­සිරි මහතා විසින් නහර බද්ධ කිරීමේ සැත්කම් දහ­ස­කට අධික සංඛ්‍යා­වක් සිදු­කොට ඇත.

දැනට මෙම ඒක­කය තුළ රෝගීන් වෙනු­වෙන් සායන 06ක් පැවැත්වේ. 150 වැනි වකු­ගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා මෙම අක්කා මලෝ දෙදෙ­නාගේ වෛද්‍ය පරී­ක්ෂණ පවත්වා ඒ සඳහා යොමු­කොට ඇත්තේ වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය ඉරේෂා හෙට්ටි­ආ­රච්චි වෛද්‍ය­තු­මිය හා රංග වීර­ක්කොඩි වෛද්‍ය­තුමා විසිනි.

මෙකී සැත්කම සඳහා නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය ජානක රණ­විර, ජ්‍යෙෂ්ඨ ලේඛ­කා­ධි­කා­රි­ව­රුන් වන වෛද්‍ය රොහාන් ජය­ව­ර්ධන, ප්‍රසංග රුවන් පති­රණ, වෛද්‍ය නිල­ධාරි නන්දිත අනු­රංග යන වෛද්‍ය­තු­මන්ලා සහ ගංගා එරන්දි වෛද්‍ය­තු­මි­යගේ සහ­යෝ­ගය හිමිවී තිබුණි.