පාණදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරයක් තුළ සිදු කළ පරීක්ෂණයකදී පිලිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත්දෙනකු පාණදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12ත්-13ත් අතර සිසුවියන් පිරිසකි. පිෂ්ටය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් සිදු කරන අතරතුරදී ඉන් නැඟුණු ගිනි දැල්ලක් හේතුවෙන් දැරියන් පිලිස්සීම් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සිසුවියන්ගේ මුහුණ හිස අත්වල පිලිස්සීම් සිදුව ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.