බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න-විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

පසුගිය කාල සීමාවේදී මෙරට ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා සහ බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර වගකිව යුතු දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කාල සීමාවේදී බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වූ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ට මේ දක්වා සාධාරණයක් ඉටු නොවූ නිසා මේ සම්බන්ධව සොයා බලා කඩිනමින් පියවර ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කුමන අමාත්‍යවරයා බලයට පත් වුවත් සෞඛ්‍ය සේවය තුළ ඇතැම් නිලධාරීන් අඛණ්ඩවම තම ඒකාධිකාරිය පවත්වාගෙන යාමට උත්සාහ දරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පූර්ණ පරිවර්තනයක් සිදුවීම අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවේය.