මහනුවර පිහිටි ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සරණ්‍යා වී. එස්. මහත්මිය පත්කර තිබේ.
ඇය වසර තුනක කාලයක් මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
වැඩ භාරගැනීමෙන් පසු අනතුරුව පෙරේදා (08) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය.
ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පැවත එන ආගමික හා දේශපාලනික සම්බන්ධතාව පිළිබඳව මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වූවාය.