ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව යාපනයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සිය ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කළා
දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමකට ද පසුගියදා අත්සන් තැබුණා.