කොරි­යානු ජන­රජ ආර­ක්ෂක උප­දේ­ශක සහ නාවික හමු­දා­පති අතර නිල හමු­වක්

ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර කොරි­යානු ජන­රජ තානා­පති කාර්යා­ලයේ නව ආර­ක්ෂක උප­දේ­ශක Lieutenant Colonel Han Jonghun පෙරේදා (06) නාවික හමුදා මූල­ස්ථා­න­යේදී නිල හමු­වක් සඳහා නාවික හමු­දා­පති, වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

Lieutenant Colonel Han Jonghun ඉන්දි­යාවේ නව­දි­ල්ලියේ පිහිටි කොරි­යානු ජන­රජ තානා­පති කාර්යා­ල­යට අනු­යු­ක්තව ඉන්දි­යාව, ශ්‍රී ලංකාව සහ නේපා­ලයේ කොරි­යානු ජන­රජ ආර­ක්‍ෂක උප­දේ­ශක වශ­යෙන් කට­යුතු කරයි. ඒ අනුව මේ නිල හමු­වේදී නාවික හමු­දා­ප­ති­ව­රයා සහ කොරි­යානු ජන­රජ ආර­ක්‍ෂක උප­දේ­ශක අතර ද්වි – පාර්ශ්වික වශ­යෙන් වැද­ගත් කරුණු පිළි­බඳ සුහද පිළි­ස­ඳ­රක් පැවැ­ත්විණි.

මේ නිල හමුව සනි­ටු­හන් කර­මින් දෙපා­ර්ශ්වය අතර සමරු තිළිණ හුව­මා­රු­වක් ද සිදු විය.