ඉන්දියාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු – කාශ්මීර් හි දී ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත්  33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය “Shiv Khori cave” වෙත යමින් සිටියදී ඊයේ (09) පස්වරුවේ මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන් වේ.

මෙහිදී ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමඟ බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.