ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් එක්සත් ජනපදය පුරා 15 දෙනෙක් මියයයි.

එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රදේශ හරහා හමා ගිය ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස විනාශ කර සිය දහස් ගණනකට විදුලිය විසන්ධි කර ඇත.

උතුරු ටෙක්සාස් ප්‍රදේශයේ පුද්ගලයන් හත් දෙනෙකු ද, ආර්කන්සාස් ප්‍රාන්තයේ පස් දෙනෙකු ද, ඔක්ලහෝමා ප්‍රාන්තයේ දෙදෙනෙකු ද, කෙන්ටකි ප්‍රදේශයේ එක් අයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා. තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර ඉරිදා ප්‍රාන්ත කිහිපයක් පුරා 500,000 කට ආසන්න පිරිසකට විදුලිය විසන්ධි විය.

ටෙක්සාස් හි කුක් ප්‍රාන්තයේ ෂෙරිෆ් පොලිස් ප්‍රධානී රේ සැපින්ටන් පැවසුවේ එහි මියගිය සංඛ්‍යාවට වයස අවුරුදු 2 සහ 5 යන වයස්වල ළමුන් දෙදෙනෙකු සහ එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සිටින බවයි.

ප්‍රබල ටොනේඩෝවකින් දැඩි ලෙස පීඩාවට පත් වූවන් අතර වූ වැලි වීව් ප්‍රදේශයේ ෂෙරිෆ් පොලිස් ප්‍රධානී පැවසුවේ “ඉතිරිව ඇත්තේ සුළි සුළං සුන්බුන් වල මාවතක් පමණි. “විනාශය ඉතා දරුණුයි.”

ප්‍රාන්තයේ දර්ශනවලින් පෙන්නුම් කළේ ඉන්ධන පිරවුම්හලක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර, හානියට පත් වාහන මත සුන්බුන් විසිරී ඇති බවයි.

ට්විස්ටර් සුළි කුණාටුව ලොරි පෙරළූ අතර, ඩලස් අසල අධිවේගී මාර්ගයක් වසා දැමූ අතර කලාපය පුරා දස දහස් ගණන් ජනයාට විදුලිය විසන්ධි විය.