රනිල්ට ගහන්න වෙන්නේ අමුඩ ගැ​ටේ විතරයි – අනු​ර

සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කිරීම සඳහා බලය ලබා ගැනීමට දැන් තීරණාත්මක අවස්ථාවක් එළැඹ ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කෙසේනමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහාත් කුමන​ ​හෝ ගැටයක් ගසාවි යැයි ඇතැමුන් කතා වුව​ද, ඔහු​ට මෙව​ර ගසන්නට සිදු වෙන්නේ අමුඩ ගැටය පමණක් බවයි ඔහු සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ 2001 දී ආණ්ඩුවක් සෑදුවද 2003 දී චන්ද්‍රිකා බණ්ඩාරනාය​ක ඔහුව ගෙදර යැවූ බවද, 2015 දී මෛත්‍රීපාල සිරිසේන සම​ඟ ආණ්ඩුවක් සෑදුවද 2018 දී ඔහුව ගෙදර යැවූ බවද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් මැදිහත් වූ නිසා එවර යාන්තම් හුස්ම ගත් නමුත්, ඩී.එස්. සේනානායක, කොතලාවල වැනි අය විසින් ගොඩනැගූ එක්සත් ජාතික පක්ෂය 2019 වන විට රනිල් වික්‍රමසිංහ එකට බැස්සූ බවද ඔහු පෙන්වා දෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වී අකුළාගෙන ගෙදර යනු ඇති බවත්, ජාතික ජන බලවේගය මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බවයි (01) කොළඹ පැවති මැයි රැළිය අමතමින් ඔහු අවධාරණය කළේ.

news images
news images
news images
news images
news images
news images
news images