ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය දක්වා ඉදිරිය​ට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග දෙකක් ක්‍රීඩා කර තිබූ අතර, එම තරග දෙකම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අවසන් ස්ථානයේ රැඳී සිටියා.

අද ලැබූ ජයත් සමග සිව්වැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 ක් වන අතර ලකුණු ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 50%ක් ලෙසයි.

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර සිව්වැනි ස්ථානයේ රැදී සිටි බංග්ලාදේශයට මේ වන විට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

news images