කෙහෙළියට ඇප ඉල්ලූ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල ඇප ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

ඒ අනුව එම නියෝගයට එරෙහිවයි මෙම ප්‍රතිශෝධන පෙත්සම ඔහු විසින් ඉදිරිපත් කර තිබුණේ