AI පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft සමාගම අතර අත්සන් තැබීම සිදුකර තිබෙනවා.

දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය Smart පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

news images