කැන­ඩාවේ පදිංචි ශ්‍රී ලාංකික එකම පවුලේ 6ක් ඝාත­නය කළ සිසුවා අත්අ­ඩං­ගු­වට

  • මිය­ගිය අය අතර මව මාස 2ක බිලි­ඳි­යක් අවු. 7, 4, 2 දරුවෝ සහ තවත් අයෙක් 
  • පියා­ටත් බර­ප­ත­ළ තුවාල

කැන­ඩාවේ පදිං­චිව සිටි ශ්‍රී ලාංකික පවු­ල­කට අයත් පුද්ග­ල­යන් හය දෙනකු ඝාත­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් එරට පදිංචි 19 හැවි­රිදි ශ්‍රී ලාංකික සිසු­වකු කැනේ­ඩි­යානු පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙලෙස අමා­නු­ෂික ලෙස ඝාත­නය කරනු ලැබ ඇත්තේ එකම පවුලේ මව, දරු­වන් සිව්දෙනා සහ එම නිවෙසේ ජීවත් වූ 40 හැවි­රිදි තවත් පුද්ග­ල‍යකු බව ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට මෑත­කදී කැන­ඩා­වට ගිය පවු­ලක සාමා­ජි­ක­යන් මෙලෙස ඝාත­න­යට ලක්ව තිබෙන අතර, මේ සිද්ධි­යෙන් මිය­ගිය පිරිස අතර වයස අවු­රුදු 35ක් වූ දර්ශනී ඩිල­න්තිකා ඒක­නා­යක නමැති මව, වයස අවු­රුදු 7ක් වන ඉනූක වික්‍ර­ම­සිංහ, වයස අවු­රුදු 4ක් වන අශ්විනී වික්‍ර­ම­සිංහ, වයස අවු­රුදු 2ක් පමණ වන රින්යානා වික්‍ර­ම­සිංහ සහ මාස 2ක් පමණ වය­සැති කෙලී වික්‍ර­ම­සිංහ වෙති. ඝාත­නය වූ අනෙක් පුද්ග­ලයා ගාමිණී අම­ර­කෝන් නමැති 40 හැවි­රිදි අයෙකි. මේ සිද්ධි­යෙන් දරු­වන්ගේ පියා වන ධනුෂ්ක වික්‍ර­ම­සිංහ යන අය බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කර තිබේ.

පියා මෙලොව හැරගිය සිය දරු පවුල සමඟ

පියා මෙලොව හැරගිය සිය දරු පවුල සමඟ

මේ ඝාතන සිදු කර ඇත්තේ ෆේබ්‍රි­යන් ද සොයිසා නම් 19 හැවි­රිදි ශ්‍රී ලාංකි­ක­යකු බවත්, ඔහු අධ්‍යා­ප­නය සඳහා කැන­ඩා­වට පැමිණ ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධා­නියා පවසා ඇති අතර, ඔහු මිය­ගිය ශ්‍රී ලාංකි­ක­යන්ගේ නිවෙසේ කලක් පදිං­චිව සිට ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය කර­ගෙන තිබෙන බවද ඝාත­න­යට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැති බවද වාර්තා වෙයි.

කැන­ඩාවේ ඔටාවා නුවර නිවෙ­සක මේ සමූහ ඝාත­නය සිදුව තිබෙන අතර පසු­ගිය 6 දා රාත්‍රි රාත්‍රී 10.50ට පමණ ඔටාවා පොලි­සි­යට තොර­තුරු වාර්තා වී තිබෙන බවත්, ඒ සමඟ පොලිස් රථ හා ගිලන් රථ අදාළ නිවෙස අස­ළට පැමිණි බවත් කැනඩා මාධ්‍ය වාර්තා කරයි. මෙය පවුල තුළ ඇති වූ ආර­වු­ලක්ද යන සැකය ගැන පොලි­සි­යෙන් කළ විම­සී­මේදී පොලි­සිය එය පවුලේ ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්ව­යට අදාළ ආර­වු­ලක් නොවන බව පවසා ඇත. මේ අතර ඝාත­නය සිදු­වී­මට පෙර අදාළ ශ්‍රී ලාංකික පවුල වෙතින් පොලි­සිය වෙත කිසිදු පැමි­ණි­ල්ලක් ලැබී නොතිබූ බව ඔටාවා පොලිස් ප්‍රධා­නියා සඳ­හන් කර ඇත.

මේ පවුලේ සාමා­ජි­ක­යන් සියලු දෙනා එක්වර නොව වරින් වර කැන­ඩා­වට සංක්‍ර­ම­ණය වූවන් වන අතර, මිය­ගිය දරු­වන් සිව්දෙනා අතර සිටි මාස දෙක­හ­මා­රක කුඩා දැරිය කැන­ඩා­වේදී උපත ලබා තිබේ. වෙඩි තැබී­ම­කින් මේ ඝාතන සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළද සැක­කරු තියුණු ආයු­ධ­ය­කින් පහර දී මේ ඝාතන කර ඇති බව ඔටාවා පොලි­සිය ප්‍රකාශ කරයි.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ අප­රා­ධය සිදු වූ නිවෙසේ සිට කිලෝ­මී­ටර් 15ක පමණ දුර­කින් යුතු ස්ථාන­යක රැඳී සිටිය දී බව වාර්තා වෙයි. මේ සැක­ක­රුට විරු­ද්ධව මිනී­මැ­රුම් චෝදනා 6ක් සහ මිනී මැරී­මට තැත් කිරීමේ චෝද­නා­වක් ගොනු කර ඇති බවට ඔටාවා පොලි­සිය ප්‍රකාශ කර තිබෙන අතර ප්‍රථම වතා­වට සැක­කරු (7) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති අතර, නැවත එළ­ඹෙන 14 දා සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙන මේ සැක­කරු ඉතා අඩු­වෙන් කථා කර ඇති අතර අධි­ක­ර­ණයේ නැවත වාඩි වීමට ප්‍රථම තම නම සහ උපන් ස්ථානය පම­ණක් සඳ­හන් කර තිබිණි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් කැනඩා අග්‍රා­මාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සඳ­හන් කර ඇත්තේ අදාළ සිදු­වීම පිළි­බඳ තමා කම්ප­න­යට පත් වන බවයි. මේ සිදු­වීම සිය නගර ඉති­හා­සයේ වඩාත්ම කම්ප­න­යක් ඇති කළ ප්‍රචණ්ඩ සිදු­වී­මක් බව ඔටාවා නග­රා­ධි­පති මාර්ක් සට්ක්ලිෆ් ද ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශන ක්‍රියා­ත්ම­කයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *