කැනඩාවේදී ශ්‍රී ලාංකිකයන් 6 ක් ඝාතනයට ලක්වෙයි

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළදී ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පුද්ගලයින් 6 කගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

එහිදී එම පවුලේ මව සහ දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල සහිතව රෝහල් ගතකර ඇති බවයි කැනඩා පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ දර්ශනී දිලන්තිකා ඒකනායක (35 හැවිරිදි මව), ඉනුක වික්‍රමසිංහ (අවුරුදු 7 ක පුතා), අශ්විනි වික්‍රමසිංහ (අවුරුදු 4 ක දියණිය), රින්‍යානා වික්‍රමසිංහ (අවුරුදු 2 ක දියණිය) සහ කෙලී වික්‍රමසිංහ (මාස 2ක දියණිය) යන අය සමග පවුලේ හිතවතෙකු වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන් අය අයයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම පවුල සමඟ ජීවත් වූ 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ලෙස පොලිසිය විසින් හඳුනාගෙන ඇති අයට වන අතර ප්‍රථම මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

අපරාධය පිලිබඳව අදහස් දක්වන කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සිදුවීම පිලිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මෙම සිදුවීම බිහිසුණු සහ ප්‍රචණ්ඩ සිදුවීමක් බව ප්‍රකාශ කර තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *