කැන­ඩාවේ ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ විද්‍යා­ඥ­යෝ දෙදෙ­නෙක් සේව­යෙන් දොට්ට

කැන­ඩාවේ ප්‍රකට විද්‍යා­ඥ­යන් දෙදෙ­නකු ඔත්තු බැලීමේ චෝදනා මත සේව­යෙන් පහ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෂියැංගු කියු සහ කෙඩිං චෙං නමැති මේ විද්‍යා­ඥ­යන් දෙදෙනා චීන ජාතික අඹු­සැ­මි­යන් බවත්, ඔවුන් චීන­යට ඔත්තු සැපයූ බව තහ­වුරු වූ බවත් සවුත් චයිනා මෝනිං පුවත් සේවය වාර්තා කළේය.

කැන­ඩාවේ විනි­පෙග් නුවර ජාතික ක්ෂුද්‍ර­ජීව විද්‍යා­ගා­රයේ සේවය කළ බව කියන එම විද්‍යා­ඥ­යන් යුවළ කාල­යක් පුරා චීන­යට රහ­සි­ගත තොර­තුරු සපයා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉබෝලා වැනි භයා­නක මානව හා සත්ව රෝග කාරක සම්බ­න්ධව පර්යේ­ෂණ සිදු කරන එම විද්‍යා­ගා­රය අධි­ආ­ර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­යක් බව ද වාර්තා වේ.

එම විද්‍යා­ඥ­යන් දෙදෙනා කැන­ඩාවේ ආර්ථික හා ආර­ක්ෂා­වට තර්ජ­න­යක් බවට බල­ධා­රීන් නිග­ම­නය කර ඇති අතර, ඔවුන් සේව­යෙන් පහ කිරීම සම්බ­න්ධව තොර­තුරු ඉල්ලා විප­ක්ෂය දැඩි අර­ග­ල­යක නිර­ත­වීම හේතු­වෙන් එම තොර­තුරු අනා­ව­ර­ණය කිරී­මට කැනේ­ඩි­යානු රජය පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *