ජනපති රනිල් සුලෝහිත සංග්‍රාම බිමට

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර 94 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම තරඟාවලියේ ඊයේ කොළඹ  SSC පිටියේ දී ආරම්භ වූ අතර අද පැවැත්වෙන්නේ තරඟයේ දෙවන දිනයයි