බලුකිස්තාන සිසුන් අතුරුදන් කිරීමේ සිදුවීමට

බලුකිස්තානයේ අතුරුදන්වූ බව කියන සිසුන් පිළිබඳ ප්‍රශ්න කිරීමට පාකිස්තාන භාරකාර අගමැති අන්වර් හක් අද ඉස්ලාමාබාද් මහාධිකරණයට කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භාරකාර අගමැතිවරයාට අද අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි යවා ඇති අතර, එම නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ බලුකිස්තානයේ අතුරුදන් වූ සිසුන් සම්බන්ධව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ බලහත්කාර අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන කොමිසම් සභාවේ නිර්දේශවලට අනුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එරට කීර්තිමත් විනිසුරුවරයකු වන අක්තාර් කයානි විසින් කැඳවනු ලැබූ එම නඩුව නීතිපතිවරයකු නොමැති බැවින් කල් දමන ලෙස පාකිස්තානයේ සහකාර නීතිපති ඉල්ලීමක් කර ඇතැයිද, එම ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

අතුරුදන්වූවන් සොයා ගැනීමට රජය අසමත්වීම පිළිබඳ විනිසුරුවරයා දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදුකරන පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. දැනට භාරකාර අගමැතිවරයා කැඳවන බවත්, ඊළඟ නඩු විභාගයේදී නව අගමැතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග නිකුත් කරන බවත් විනිසුරු අක්තාර් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *