පැපුවා නිව්ගිනියාවේ වෙඩි තැබීමකින් 60 කට වැඩි පිරිසක් මරුට

පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ පුද්ගලයන් 64 දෙනෙකු මිය ගොස් තිබෙනවා

එංගා පළාතේ ගෝත්‍රික ආරවුලක් අතරතුර මොවුන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි එරට ජාතික පොලිස් ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ

හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩත්වය සමග අරගල කර ඇති නමුත් මෙම ඝාතන වසර ගණනාවකට පසු සිදු වූ දරුණුතම ඝාතන බවටයි විශ්වාස කෙරෙන්නේ .

පෝට් මෝර්ස්බි අගනුවරට වයඹ දෙසින් දළ වශයෙන් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි වබාග් නගරය ආසන්නයේ පොලිසිය සිරුරු රැස් කිරීමට ආරම්භ කර තිබෙනවා

ඉඩම් සහ ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් උග්‍රවන ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී එංගා හි මාස තුනක අගුලු දැමීමට හේතු වූ අතර, එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ ගමන් සීමාද පැනවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෑත කාලීනගැටුම්වලදී ගෝත්‍ර 17 ක් දක්වා සම්බන්ධ වී ඇති බවද සඳහන්