ෆින්ලන්තයේ නව ජනපති පත් වෙයි

ෆින්ලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැතිවරයකු වු ඇලෙක්සැන්ඩර් ස්ටබ් එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පැවැති ෆින්ලන්ත ජනාධිපතිවරණයෙන් 51.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඇලෙක්සැන්ඩර් සමත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක හරිත පක්ෂයේ හිටපු විදේශ ඇමැති පෙකා හාවාස්ටෝ ලැබූ ඡන්ද ප්‍රතිශතය 48.4% ක් බව ද වාර්තා වේ.

ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලැබීමෙන් පසු එරට පැවැති පළමු ජනාධීපතිවරණය මෙය වන අතර, 55 හැවිරිදි ඇලෙක්සැන්ඩර් රුසියානු දේශසීමා අර්බුදයේදී දැඩි ස්ථාවරයක සිටින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *