පාකිස්තානයේ නව රජයකට නවාස් ෂරිෆ් පාර්ශ්වයෙන් මෙහෙයුමක්

පාකිස්තානයේ මහමැතිවරණයෙන් කිසිදු පක්ෂයට බහුතරයක් නොලැබීම හේතුවෙන් මීළඟ රජය පිහිටුවීම සඳහා හිටපු අගමැති නවාස් ෂරිෆ්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය ප්‍රතිවාදී පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එරට මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබූ අවසන් ප්‍රතිඵලයට අනුව සමස්ත පාර්ලිමේන්තු ආසන 266න් 101ක් ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන්ට හිමි වී ඇති අතර, නවාස් ෂරිෆ්ගේ මුස්ලිම් ලීගයට හිමිවී ඇත්තේ ආසන 75ක් පමණි. හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝගේ පුත්‍රයා වන බිල්වාල් භූතෝ නායකත්වය දරන පාකිස්තාන ජනතා පක්ෂයට ආසන 54ක් ජයගෙන ඇති අතර, කරච්චි නුවර කේන්ද්‍ර කරගත් මුතහිබා ක්වාමි ව්‍යාපාරය ආසන 17ක් දිනා ගනිමින් මිළඟ රජය පිහිටුවීමේ තීරණාත්මක පක්ෂය බවට පත් වී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *