ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අත​ර සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ කෙරේ

වත්මන් සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් එකඟ වී ඇතැයි කටාර් රාජ්‍යය පවසනවා. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමයේ අවසන් දිනය ඊයේ (27) අවසන්වීමට පෙර මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්. මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙකු නිදහස් කර ඇති අතර ඊශ්‍රායලය පලස්තීනුවන් 150ක් නිදහස් කර…

Read More

ශකිබ් අල් හසාන් මහ මැතිවරණයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු එරට පාලක Awami ලීගය ඔස්සේ ඔහු මැතිවරණයට තරග කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඔහුගේ නාම යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. ශකිබ් අල් හසාන් Magura-1 මැතිවරණ කොට්ඨාසයෙන්…

Read More

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගය ගැන WHO අවධානය

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දත්ත ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. උතුරු චීනයේ ළමුන් තුළ හඳුනානොගත් නියුමෝනියා පොකුරු වාර්තා වී තිබූ අතර රෝගී වූ සමහර පිරිස් රෝහල්ගත කර ඇති…

Read More

නයගරා දියඇල්ල අසල පිපිරීමක්

නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය…

Read More

අයවැයට විරෝධය දක්වා ඇල්බේනියානු විපක්ෂය පාර්ලිමේන්තුවේ දුම් බෝම්බ දමයි

ඇල්බේනියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයවැයට විරෝධය දක්වමින් සිදුකළ ක්‍රියාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එරට පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් එම අයවැයට විරෝධය දක්වා දුම් බෝම්බ දමා ඇති අතර කුඩා ගිනිමැල කිහිපයක්ද දැල්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. විරෝධතාවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු සභා ගර්භය මැද පුටු ගොඩ ගසා තිබූ අතර දුම් බෝම්බ දැමීම හේතුවෙන් සභා…

Read More

ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බවද සඳහන්. කෙසේ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා දහසක්

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඒ අනුව එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවයි අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට එක් වෙමින් ඔහු පැවසුවේ එමෙන්ම ගැටුම්…

Read More

ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය ගැන බයිඩන් අදහස් පළ කරයි

ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට එක්සත් ජනපද ප්‍රතිචාරය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අදහස් පළ කර තිබෙනවා සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ වැරදි වලින් ඉගෙන ගන්නා ලෙසත් කෝපයෙන් අන්ධවීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු ඊශ්‍රායල නායකයින්ගෙන් ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මේ බව සඳහන් කරන්නේ ඊශ්‍රායලයට පැමිණීමෙන් පසුව සහ ගාසා තීරයට…

Read More

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊජිප්තුවට

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව කලාපයේ සගයන් සමග සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් අද(20) ඊජිප්තුවට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කලාපීය යුද ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සහ සිවිල් ජීවිත තවදුරටත් අනවශ්‍ය ලෙස විනාශ වීම වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අගමැතිවරයා එහිදී සාකච්ඡා කරනු ඇති බවයි පැවසෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සෞදි අරාබියේ…

Read More

ගාසා තීරයට ආධාර රැගත් ට්‍රක් රථවලට පැමිණීමට ඉඩදීම හොඳ ආරම්භයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ට්‍රක් රථ 20ක් දක්වා ගාසා තීරයට ඇතුළු වීමට එකඟතාව පළ කිරීම හොඳ ආරම්භයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසනවා කෙසේවෙතත් නැගෙනහිර මධ්‍යධරණී කලාපය සඳහා වන කලාපීය හදිසි අධ්‍යක්ෂ ආචාර්ය රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම ආධාර මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා සංකීර්ණතා රාශියක් ඇති බවයි. ආරම්භයක් ලෙස මූලික ගිවිසුම යටතේ ට්‍රක් රථ 20 ක් දක්වා ඉඩ ලබාදී ඇතැත්…

Read More