මියන්මාරයේ තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි

මියන්මාරයේ අවුරුදු 18-35 අතර වයස් සීමාවේ පසුවන තරුණයන්ට සහ අවුරුදු 18-27 වයස් සීමාවේ පසුවන තරුණියන්ට වසර දෙකක හමුදා සේවය අනිවාර්ය බවට එරට හමුදා රජය නීති පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම අවුරුදු 45 දක්වා වයස් සීමාවේ පසුවන වෛද්‍යවරු වැනි විශේෂ වෘත්තිකයන්ට වසර 3ක හමුදා සේවය අනිවාර්ය බවට ද නීති පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම හමුදා සේවය දැනට එරට පවතින හදිසි අවස්ථාවට අනුව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට ද හැකියාව ඇති බවට මියන්මාර හමුදා රජය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *