ත්‍රස්ත සංවිධාන අණදෙන නිලධාරියා අමෙරිකාවේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මරුට

ඉරානයේ සහාය ලැබෙන බව කියන ඉස්ලාමීය ත්‍රස්ත නායකයකු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයට සම්බන්ධතා ඇති කතීබ් හෙස්බුල්ලා නමැති මේ ත්‍රස්ත සංවිධානය ඉරාකයේ සිට ක්‍රියාත්මක වන අතර, මියගොස් ඇත්තේ එහි අණදෙන නිලධාරියා බව ද වාර්තා වේ. පෙරේදා සිය ආරක්ෂකයන් දෙදෙනකු සමඟ බැග්ඩෑඩ් නුවර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම ප්‍රහාරය සිදුවී තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් තිදෙනාම මියගිය බව වැඩිදුරටත් වාර්තා වේ.

ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරයට කතීබ් හෙස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියා වගකිව යුතු බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කර ඇති අතර, පසුගියදා ජෝර්දානයේ අමෙරිකානු හමුදා නිලධාරින් තිදෙනකු ඝාතනය කරනු ලැබුවේ එම සංවිධානය විසින් බවත් පෙන්ටගනය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *