දුම්රියට බිලි වූ සද්ධන්ත පැටවා

මහව සිට මඩකලපුව දක්වා ධාවනය  වූ උදෑසන දුමිරියට අද (10) පෙ.ව 8.10 හබරන ත්‍රීකුණාමලේ මාර්ගයේ තලපත කන්ඳ 133 1/2 සැතපුම් කනුව අසල වන අලි 2ක් ගැටි සිදුවූ අනතුරින් වන අලි පැටවකු මිය ගිය බව වනජීවි නිලධාරීන් පවසයි.

මෙම අනතුරින් වයස අවුරුදු 10ක පමණ පැටවකු මියගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් වන අලියා මියගිය පැටවාගේ මවයි.

තුවාල ලබා වේදනාවෙන් බිම වැටි කෑමොර දෙමින් මියගිය තම පැටවාගේ සිරුර අසලට වී වන අලි මව සිටිනු දැකගත හැකි විය.

අනතුරුව ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයේ සමීර කළිගු ආරච්චි මහතා පැමිණ තුවාල ලැබූ වන අලි මවට ප්‍රතිකාර කිරීම් ආරම්භ කල අතර මියගිය අලි පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණයද සිදුකලහ.

ඒ වනවිටත් මිය ගිය වන අලිපැටවාගේ සිරුර අසල පැටවාගේ මව සහ තවත් වන අලින් සැරිසරමින් සිටියහ.