උයිගර් තරුණියන්ගේ ටික් ටොක් වීඩියෝ පටය වයිරල් වෙයි

ජර්මන් ජාතික මුස්ලිම් තරුණියන් තිදෙනකු විසින් පසුගියදා ටික් ටොක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලයට මුදා හැර ඇති වීඩියෝ පටයක් අන්තර්ජාලයේ දැඩි අවධානයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ෂිංජියැං ප්‍රාන්තයේ උයිගර් සම්භවයක් සහිත මේ තරුණියන් අන්තර්ජාලයට දැමූ තත්ත්පර 37ක එම වීඩියෝ පටය ටික් ටොක් සමාජ මාධ්‍යජාලයේ මිලියන 3.2ක පිරිසක් නරඹා ඇතැයි ද, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලයේ මිලියන 7.5ක පිරිසක් නරඹා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සීත ඍතුවේ ජර්මනියේ මියුනිච් නුවර වීදි පුරා ගී ගයමින් ඇවිද යන අයුරු එම වීඩියෝවට ඇතුළත් වී තිබේ.

එස්මා මෙම්ටිමින්, අමිනා ටුර්සුන් සහ මුකද්දිස් මෙමෙට් නමැති වයස අවුරුදු 18, 20 සහ 21 වයස් සීමාවේ පසුවන එම යුවතියන් තිදෙනා ‘සැබැවින්ම අභියෝගයක්‘ හෑෂ්ටැගයක් සහිතව මුදා හැර ඇති එම වීඩියෝ පටය උයිගර් ප්‍රජාව මුහුණ පා සිටින වත්මන් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරයට ලබා දුන් පණිවුඩයක් බවත් වාර්තා වේ.