76 වන නිදහස් දින සැමරුම ඇරඹෙයි

76 වන නිදහස් සැමරුම් උත්සවය මීට සුළු මොහොතකට පෙර ගාලු මුවදොර පිටියේදී ආරම්භ විය.

මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී වූ අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සහ

රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන අමාත්‍යවරු විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.