තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කෙරේ

මතුගම දී තියුණු ආයුධවලින් කපා කොටා  (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක් ව ඇත්තේ, මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි ව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර බරපතළ තුවාල සහිතව පහර කෑමට ලක් වූ පුද්ගලයා කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.