ජනපති රනිල් එනවා නම් අනිවාර්යයෙන් පොහොට්ටුවේ සහය ලබා දිය යුතුමයි – තිස්සකුට්ටිආරච්චි

වත්මන් ජනාධිපතිවරයා ඉතාම සාර්ථක නොවුනත් යම් සාර්ථක මට්ටමකට වැඩකටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසනවා.

එබැවින් ඔහු නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජනාධිපතිවරයා වීමට කිසිඳු නුසුදුසුකමක් තමන් නොදකින බවද, ඔහු මැතිවරණයකට එන්නේ නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඔහුට ලබා දිය යුතුම වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ජනාධිපති අපේක්ෂයා කව්ද යන වග සහ ජනාධිපතිවරණයේදී ක්‍රියා කරන්නේ කෙසේද යන වග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීරණය කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ