අතීත වැරදි යළි සිදු නොකළ යුතුයි – ජනපති

අතීත වැරදි යළි සිදු නොකළ යුතු බව, නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබූ බවත් 76 වැනි නිදහස් දිනය වන විට එම තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකිවූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

වත්මන් ගමන් මග නිවැරදි බව මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් එම ගමන් මගෙහි ම ඉදිරියට ගොස්, යළි සෞභාග්‍යය උදා කරගැනීමට මෙවර නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images