ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන‍්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත් වෙන ටෙස්ට් තරගයේ දෙවන දින වූ අද(03) දිනය නිමාවට පත් වූයේ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට අත්කර දෙමින් ය.

ඊයේ දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක මුළු ලකුණු සංඛ්‍යාව 93 දී දැවී ගියේය.

ඉන් පසු කුසල් මෙණ්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියදීත් දිමුත් කරුණාරත්න ලකුණු 77 කටත් දැවී යන ලදි.

ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුනු 232 ක සබදතාවක් ගොඩනැගූ අතර දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 107 ක් ලබා සිටියදීය.

ඉන්පසු පිටියට පිවිසි නව නායක ධනංජය සිල්වාට කිසිදු ලකුණුක් ලබාගැනීමට හැකි වූයේ නැත.

දිනය අවසන් වීමට පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී ලකුණු 141 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ඒ අනුව දිනය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුළු 06 කට ලකුනු 410 ක් ලෙස සටහන්ව තිබියදීය.

නොදැවී ක්‍රීඩා කරන සධීර සමරවික්‍රම ලකුණු 21 ක් රැස් කළේය.

නවීඩ් සද්‍රාන් හා කේස් අහමඩ් කඩුලු 2 බැගින් බිද හෙළීය.

ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට රැස් කළේ ලකුණු 198 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ ලකුණු 212 ක් ඉදිරියෙන් සිටි.