ශ්‍රී ලංකාවේදී සිදුවන අන්තර්ජාල අපයෝජන, අකටයුතුකම් එරෙහිව යම් නීතියක්, ක්‍රමවේදයක් අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට අන්තර්ජාල සම්බන්ධතා මිලියන 14ක් ඇති අතර, බෝහෝ පිරිසක් අන්තර්ජාලය සහ සමාජ ජාල පරිහරණයට යොමු වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට වාර්ෂිකව පැමිණිලි 12000ත් 14000ත් අතර ප්‍රමාණයක්ද, ශ්‍රී ලංකා පොලිසියට වාර්ෂිකව පැමිණිලි 8000 ත් 9000ත් අතර ප්‍රමාණයක්ද ලැබෙන බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංදයේ හිටපු අධ්‍යක්ෂක, ඩිජිටල් අලෙවිකරණ  පුලස්ති වන්නිආරච්චි මහතා පවසනවා. මේ බව ඒ මහතා සදහන් කලේ බදුල්ල ප්‍රදේශයේදී 2 දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඇමරිකාව වැනි දියුණු රටවල්ද මේ වනවිට සමාජ ජාල ඔස්සේ දරුවන්ට සිදුවන අකටයුතුකම් පිලිබඳව තම අවදානය යොමු කොට ඇති බවට මෑත සිදුවූ සමාජ ජාල ආයතන ප්‍රධානීන් සෙනෙට් මණ්ඩලයට කැදවීමෙන් පෙනී යන අතර, ශ්‍රී ලංකාවේදී සිදුවන අන්තර්ජාල අපයෝජන, අකටයුතුකම්, වෛවරී සහ අසත්‍ය ප්‍රකාශන වලට එරෙහිව යම් නීතියක් සම්පාදනය කරගැනීමේ, යම් ක්‍රමවේදයක අවශ්‍යතාවය තිබෙන අතර එය දේශපාලනික කෝණයෙන් බලා නොව සමස්ථ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පාදනය විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අන්තර්ජාලය සහ සමාජ ජාල ආරක්ෂණය පිලිබදව විෂයන් ඇතුලත් කොට ඒ පිලිබදව දීර්ඝ කාලීනව රටේ දරුවන් දැනුවත් කිරීම වැදගත් බවත් අවධාරණය කර සිටියා.