News Editor

News Editor

චීන දුම්වැටි තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් පැවසුවේ රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් මෙලෙස…

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය. මාවුස්සාකැලේ ජලාශයෙ ජල මට්ටම පිටාර මට්ටමේ සිට (24) දින අලුයම…

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා සමුගනී

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකු මෙන්ම ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ ලේඛකයෙකු වූ බී. ඒ. ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ. 1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී උපත ලැබූ ටෙනිසන් පෙරේරා මහතා,මියයන විට 86 වැනි වියේ…

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම වෙළෙඳපොළ දත්ත අනුව WTI…

ඊශ්‍රායල හා ලෙබනන අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. එහිදී විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව…

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණේ

ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම අතර චීන මෝටර් රථ පෙරමුණ ගනී. බ්‍රිතාන්‍යයේ සන්නාම තක්සේරු ආයතනයක් වන “Brand Finance” ඊයේ (23) “2026 වසරේ ගෝලීය ඉහළම වටිනාකම් සහිත මෝටර් රථ සන්නාම සියය”වාර්තාව නිකුත් කර තිබේ. චීන මෝටර් රථ සන්නාම 24ක්…

ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග ජයග්‍රහණයට බෝනස් ලැබෙන, පරාජයට ගෙවීම් කැපෙන නව ක්‍රමවේදයක්

ක්‍රිකට් ක්‍රීඩකයින් තරග ජයග්‍රහණය කිරීමේදී සහ පරාජය වීමේදී ඔවුන්ට සිදු කරන ගෙවීම්වල සංශෝධනයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසනවා. තරග ජය ගතහොත් ප්‍රසාද දීමනාවක් හිමි වන අතර, තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම්…

සාම පාගමන අද ශ්‍රී දළදා මාලිගාවෙන් ඇරඹේ

තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවහිංසාව පිළිබඳ පණිවිඩය ලෝකයට රැගෙන යාම අරමුණු කරගෙන ගෞරවනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ඒහිපස්සිකෝ සාම පාදයාත්‍රාවේ තුන්වැනි දිනය වන අද (24) දිනයේ පාදයාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට නියමිතව…

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්  භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස  24 දින සිට අප්‍රේල් මස 24…

2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ 1.59% ක වර්ධනයක්

2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමස්ත අපනයන…