News Editor

News Editor

පාදුක්ක තානායමේ සිටි පිරිසකට අමානුෂික පහරදීමක්

පාදුක්ක තානායමේ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට පිටතින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තාවෙයි. ඉන් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. මීට දින කිහිපයකට පෙර  ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පිරිස…

අතුරුගිරියේදී මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඊයේ (08) දින මෙම පුද්ගලික බස් රථය මෙට්‍රෝ බස් රථයේ ගැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානය විසින්…

චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්‍රතිකාවක්

පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙක්සිකෝවේ පැවැති ‘දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු අභියෝග සහ පරිවර්ථනයන්’ යන තේමාව යටතේ සංවිධානය කළ ‘UNAM–IPSA…

ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී අද (09) පෙරවරුවේ කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන ආ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉන් රැගෙන ගොස් තිබේ. ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ ඒ මහත්මිය අක්ෂි රෝහල වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන…

“භික්ෂු චීවරයට අත තැබීමෙන් බුද්ධ ශාසනයේ ගෞරවය බිඳ දැමිය නොහැක” – රට රකින පරපුර

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිදුවීම අතිශය බරපතළ සංකේතයක් බව ‘රට රකින පරපුර’ සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් කාන්චන ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදීම…

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම අද දෙවිනුවරින් ඇරඹෙයි

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය. පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ප්‍රමුඛ සංඝරත්නය විසින් ආරම්භ කර ඇති මෙම…

සිරගතවන භික්ෂූන් වහන්සේ ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙනයන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින්, නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද…

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ සැකකරු රිමාන්ඩ්

ලාංකික සමාගම් හයකින් රුපියල් බිලියන 7.5ක (අමෙරිකානු ඩොලර් මිලියන 25ක) මුදලක් විදේශගත කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඔක්තෝබර් 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. FCIDය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ…

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට දැනුම්දී ඇත.…

නව යතුරුපැදි ලියාපදිංචිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5කදී නැවත ඇරඹේ

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5ක් මගින් නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම එළැඹෙන 19 වැනිදා සිට නැවත ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු…