News Editor

News Editor

සර්බි­යාවේ ජොකෝ­වික් ටෙනිස් ලෝක වාර්තාව හඹා යයි

සර්බි­යාවේ නොවැක් ජොකෝ­වික් එතෙක් මෙතෙක් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා දිනා ගැනීමේ ලෝක වාර්තාව අත්කර ගැනීමේ අපේ­ක්ෂා­වෙන් ලබන ජන­වා­රියේ ඔස්ට්‍රේ­ලි­යානු විවෘත ටෙනිස් ශුර­තා­ව­ලි­යට සහ­භා­ගි­වී­මට නිය­මි­තය. ඔස්ට්‍රේ­ලි­යානු විවෘත ටෙනිස් ශුර­තා­ව­ලි­යට පෙර පැවැ­ත්වෙන බ්‍රිස්බේන් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන බවට නිවේ­ද­නය කිරී­මත් සමඟ ඔහු…

බංග්ලා­දේ­ශයේ අර්බුද මැද ශකීබ් ලංකා­වට එයි

බංග්ලා­දේශ තුන් ඉරි­යව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වී­මට නිය­මිත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක් නොකිරීමෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට තීර­ණය කර තිබේ. ශ්‍රී ලංකා­වේදී පළමු වරට පැවැ­ත්වී­මට නිය­මිත ‘ලංකා ටී10’ තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අර­මු­ණින් ශකීබ් මෙලෙස…

ලොව විශා­ල­තම බැංකු මූල්‍ය වංචා­වට හසුවූ විය­ට්නා­මයේ කෝටි­ප­ති­නි­යගේ මරණ දඬු­වම තහ­වුරුයි

මහ පරි­මා­ණයේ බැංකු මූල්‍ය වංචා­වට වර­ද­කරු වූ විය­ට්නා­මයේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධි­ක­ර­ණ­යක් විසින් නියම කරනු ලැබූ  මරණ දඬු­ව­මට එරෙ­හිව ඉදි­රි­පත් වූ ඇපෑල අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ප්‍රති­ක්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  විය­ට්නා­මයේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­කා­රි­නිය වන…

බංග්ලා­දේශ හින්දු ජාති­ක­යන්ගේ සහා­යට කැන­ඩාවේ දැවැන්ත විරෝ­ධ­තා­වක්

බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන්ට සහාය පළ කර­මින් කැන­ඩාවේ මොන්ට්‍රි­යල් නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලා­දේ­ශයේ සුළු­තර ජාතීන්ගේ අයි­ති­වා­සි­ක­ම්ව­ලට ගරු කරන ලෙස අන්ත­ර්වාර රජ­යට බල­පෑම් කර­න්නැයි කැන­ඩාවේ රජ­යෙන් ඉල්ලා සිටීම සඳහා එම විරෝ­ධ­තාව පැවැති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

දකුණු කොරි­යාවේ ආර­ක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි

ජනා­ධි­ප­ති­ව­රයා විසින් හදිසි යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරීමේ මත­භේ­දා­ත්මක සිදු­වී­මට සම්පූර්ණ වග­කීම භාර ගනි­මින් එරට ආර­ක්ෂක ඇමැති කිම් යොං හියුං සිය ධුර­යෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරි­යාව ව්‍යාකූ­ල­ත්ව­යට හා නොස­න්සු­න්තා­වට පත් කළ යුද නීතිය සම්බ­න්ධව…

අද සිට සතොසින් එක් අයකුට පොල් ගෙඩි 03යි, හාල් කිලෝ 05යි

සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද(05) සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ. සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.…

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර…

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නැහැ

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින්…

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදය අලුත් වෙයි

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට මිලදී ගන්නා විට හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) එස්. එස්. මුදලිගේ මහතා පවසයි. ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේදී සිදු වන අපහසුතා වැලැක්වීමේ විසඳුමක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බව ඔහු…

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන් තොටුපොළ…