සියැට් කැලණි වෙතින් ශ්‍රී ලංකාවේ මාර්ග සඳහාම නිර්මාණය වු උසස් තත්ත්වයේ GRIPP X5 සහ ZOOM X5 යතුරුපැදි ටයර්

වෙනස් වන රිය පැදවීමේ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ධාවන හැකියාවක්, වැඩි ආරක්ෂාවක් සමඟින් උසස් කාර්යසාධනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති සියැට් ‘GRIPP’ සහ ‘ZOOM’ යතුරුපැදි සහ ස්කූටර් ටයර් පරාසයේ නවතම X5 මාදිලිය හඳුන්වා දෙමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ යතුරු පැදි ටයර් වෙළඳපල තුළ තම නායකත්වය ශක්තිමත් කරගෙන තිබේ.

වැඩිම දුරක් ධාවනය, පාලනය කිරීමේ හා හැරවීමේ පහසුව, ඉහළ ආරක්ෂාවක් සහ උසස් පෙනුමක් සහිත ටයර් සඳහා තරුණයින් සහ නාගරික පදිංචිකරුවන් අතර ඉල්ලුම මෙම නව ටයර් මාදිලිය තුළින් සපුරාලන බව සමාගම පවසයි. ශ්‍රී ලංකාවේ මාර්ග වල තත්ත්වය සහ කාලගුණික තත්ත්වයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම GRIPP X5 සහ ZOOM X5 ටයර් මාදිලි, වියළි සහ තෙත් පෘෂ්ඨ වර්ග දෙකෙහි දීම ස්ථාවරව ක්‍රියාත්මක වන අතර තිරිංග වල කාර්යක්ෂමතාවය සමඟින් මනා සමතුලිතතාවයක් ලබා දෙමින් එදිනෙදා ගමනාගමනය සහ විවේකී ගමන්වල පහසුව වැඩි කරන බව ද සමාගම පවසයි.

මෙම නවතම මාදිලිය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “දිනෙන් දින වෙනස් වන ශ්‍රී ලංකාවේ යතුරු පැදි වෙළඳපලෙහි ධාවකයින්ගේ අපේක්ෂාවන් කෙරෙහි අප දක්වන තියුණු අවධානය මෙම නව ටයර් මාදිලිය හරහා පිළිබිඹු වේ. ධාවනයේ රටා වෙනස් වෙමින්, ඉහළ කාර්යසාධන තත්ත්වය, ආරක්ෂාව සහ උසස් ගණයේ කට්ට රටා සඳහා ඇති ඉල්ලුම වර්ධනය වන අවස්ථාවක, මෙම ටයර් මාදලිය මගින් මෙරට මාර්ග පද්ධතියට ගැලපෙන සහ පාරිභෝගික අවශ්‍යතාවලට ද ප්‍රතිචාර දක්වන ගෝලීය මට්ටමේ නිර්මාණමය හා ඉංජිනේරු විසඳුම් අපි ලබා දී තිබෙනවා.”

ZOOM X5  ටයරය ඉදිරිපස රෝද සඳහා සවි කිරීමට නිර්මාණය කර ඇති අතර ස්ථාවර බව සහ නිවැරදිව හැසිරවීමේ හැකියාව මනාව ලබා දීම අරමුණු කර ගනිමින් වැඩි දියුණු කර ඇත. එය සෘජු ධාවන පථයක ගමන් කිරීමේ දී ඉහළ පාලනයක් සහ ඉහළ ජල විසරණය නිසා තෙත් මාර්ගවලදී හැසිරවීමට හොඳ හැකියාවක් ලබා දෙන අතර රථවාහන තදබදයකදී හරවන දිශාවන් එකළඟ වෙනස් කිරීමට සිදුවන විට මෙන් ම වංගුවලදී නිසි පාලනයකින් යුතුව හැරවීමට ද ධාවකයාට වැඩි විශ්වාසයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.

පසුපස රෝදයට යෙදීම සඳහා නිර්මාණය කර ඇති GRIPP X5 ටයරය, යතුරු පැදියේ හා මගීන්ගේ බර දරාගනිමින් කම්පනය, පාලනය සහ කල්පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය වූවකි. එමගින් රේඛීය මාර්ගයකදී ඉහළ කාර්යසාධනයක් මෙන් ම, ඇලවීමකදී වඩා හොඳ පාලනය සහ තෙත් මාර්ගවලදී ආරක්ෂාව වැඩි කිරීම සඳහා නිර්මාණය කර ඇත. එමෙන් ම වියළි මාර්ග මත ගමන් කිරීමේ දී ද මෙම ටයර විශේෂ කාර්යසාධනයක් ලබා දෙනු ඇත. මෙම විශේෂාංග සියල්ල එකට එක් වූ විට, වැඩි සැතපුම් ගණනක් වේගයෙන් හා ස්ථාවරව ධාවනය කිරීමට සහ විශ්වාසනීය තිරිංග ක්‍රියාකාරීත්වයක් ලබා දීමට සහය වනවාක් මෙන් ම, GRIPP X5 ටයරය දෛනික කෙටි ගමන් මෙන් ම දිගු දුර ගමන් යන දෙකටම ද සුදුසු වේ.

කාර්යසාධනයට අමතරව මෙම ටයර් මාදිලි දෙකෙහි ම වැඩිදියුණු කරන ලද පැති බිත්ති සහ කට්ට රටා නිර්මාණ මගින් යතුරුපැදි සහ ස්කූටර් සඳහා සුවිශේෂී වූ උසස් ගණයේ පෙනුමක් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය යතුරුපැදි මාදිලි බොහොමයක් සඳහා සුදුසු වන මෙම උසස් ගණයේ ටයර් පරාසය ප්‍රමාණ හතරකින් යුක්ත වේ. එම මාදිලි හතර GRIPP X5 3.00-17 ප්‍රමාණය, 100/90-17 ප්‍රමාණය සහ 90/100-10 ප්‍රමාණය සහ ZOOM X5 2.75-17 ප්‍රමාණයෙන් ලබාගත හැක.

GRIPP X5 සහ ZOOM X5 හඳුන්වා දීමෙන් සියැට් කැලණි යතුරු පැදි ටයර් ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් ශක්තිමක් කර ඇත්තේ මෙසේ කාර්යසාධනය, ආරක්ෂාව, කල්පැවැත්ම මෙන් ම උසස් තත්වයේ විලාසිතාව යන සියල්ල ඒකාබද්ධ කර පාරිභෝගිකයා වෙත පිරිනමන ටයර් මාදිලියක් සමඟිනි.

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ සිදුකරනු ලබන තවත් රුපියල් බිලියන 4.5 ක ආයෝජනය සමඟින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන සහ ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.