භාණ්ඩාගාරයේ මුදල් හැකරුන් අතට ගියාදැයි හොයන්න

මුදල් ඔස්ට්‍රේලියාවට ගියාදැයි සැක

මහා භාණ්ඩාගාරයෙන් පැමිණිල්ලක්

ණය පිය­වී­මක් ලෙස මහා භාණ්ඩා­ගා­රය විසින් ගෙවූ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2.5ක මුද­ලක් පරි­ග­ණක හැක­ර්ව­ර­යකු විසින් සොරා­ගැ­නී­මක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පුළුල් විම­ර්ශ­න­යක් ආර­ම්භ­කර ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මහ භාණ්ඩා­ගා­ර­යෙන් ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ කර ඇතැයි පොලිස් මූල­ස්ථාන තොර­තුරු අනා­ව­ර­ණය කළේය. මෙම මුදල හැක­ර්ව­රයා විසින් ඔස්ට්‍රේ­ලියා‍වේ ගිණු­මක් ඔස්සේ හැක්කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සඳහා ඔස්ට්‍රේ­ලි­යාවේ සහාය ලබා­ගැ­නී­මට ද අවශ්‍ය පිය­වර ගැනී­මට අවශ්‍ය මූලික කට­යුතු පවා ආර­ම්භ­කර ති‍බේ. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 22.9ක ණය මුද­ලක් ගෙවී­ම­කදී අමෙ­රි­කානු ඩොලර් මිලි. 2.5ක මෙම මුදල සොරා­ගෙන ඇති බව පෙනී ගොස් තිබේ.මෙම සිදු­වීම කෙසේ සිදු වූයේද යන්න සහ එහි වග­කීම පිළි­බඳ සොයා බැලී­මට මුදල් අමා­ත්‍යාං­ශය මඟින්ද විශේෂ අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇති බව එම අමා­ත්‍යාංශ තොර­තුරු සඳ­හන් කළේය.

මහා භාණ්ඩා­ගා­රය විසින් විදේශ ණයක් පිය­වීම සඳහා ගෙවී­මේදී එම මුදල් අදාළ පාර්ශ්වය වෙත නොලැබී පරි­ග­ණක හැක­ර්ව­ර­යකු හෝ තුන්වැනි පාර්ශ්ව­යක් අතට ලැබීම සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙස මුදල් අමා­ත්‍යාං­ශය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කර ඇතැ­යිද එම තොර­තුරු සඳ­හන් කළේය.

මේ සම්බ­න්ධ­යෙන් විධි­මත් හා පුළුල් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස මුදල් අමා­ත්‍යාං­ශය විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්ත­වෙන් ඉල්ලා ඇති බව ද සඳ­හන්ය.

ගයාන් කුමාර වීර­සිංහ