1 ශ්‍රේණියේ II සහ III වාරවල ක්‍රියාකාරකම් පොත් 30 වැනිදාට පෙර පාසල්වලට

මෙම වසරේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් එළඹෙන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසනවා.

1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර, අවශ්‍ය අමතර පුහුණු කිරීම් මැයි 16 වැනිදා වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතීනම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.