අත­ප­සු­වීම් හදා­ගෙන ඉදි­රි­යට යනවා

අත­ප­සු­වීම් වෙන්න පුළු­වන්, ඒවා හදා­ගෙන ඉදි­රි­යට යනවා යැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය.

කාල්ටන් නි‍ෙවසේ සිදු­ක­රන ලද අවු­රුදු චාරිත්‍ර ඉටු කිරී­මෙන් පසු මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් රාජ­පක්ෂ මහතා මේ බව කියා සිටි­යේය.

නාමල් රාජ­පක්ෂ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

Òවිශේ­ෂ­යෙන්ම සියලු දෙනා­ටම සුබ අලුත් අවු­රු­ද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කර­නවා. ඒ වගේම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ සංස්කෘ­තිය සිංහල, දමිළ සියලු දෙනා එකට සංස්කෘ­තික අංග­යක් විදි­හට සම­රන මේ අව­ස්ථාවේ අපේ ඊළඟ පර­ම්ප­රා­වට ඒක ආරක්ෂා කරල දෙන්න ඕන.

ඒ වගේම ඉතිරි මතු පර­ම්ප­රා­වට දෙන්න ඕන ඒක තමයි අපේ­කම සහ අපේ බේස් එක අඩි­තා­ලම.

අපි හැදුනේ එත­නින් වැඩුණේ එත­නින් ඉතින් මං හිත­නවා අභි­යෝ­ගා­ත්මක වස­රක් වගේ පෙනු­නත් මේ අවු­රුද්දේ ඒ ලබන්නා වූ අලුත් අවු­රුද්ද එය අභි­යෝග ජය­ග්‍ර­හ­ණය කර­ගෙන සුබ අලුත් අවු­රු­ද්දක් බවට පරි­ව­ර්ත­නය කර ගැනී­මට හැකි­යාව ලැබෙයි කියලා විශ්වාස කර­නවා.

අපේ ඉති­හා­සයේ යම් අත­ප­සු­වීම් වෙන්න ඇති යම් වැරදි වෙන්න ඇති ඒවා හඳු­න­ගන්න ඕන. ඒවා පිළි­ගන්න ඕනෑ. ඉතින් එත­නින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාති­යක් විදි­යට ගොඩ­නැ‍ඟෙන්නේ කොහො­මද කියන කාර­ණ­යට මේ රටේ තරුණ පර­ම්ප­රාව ඉදි­රි­යට යා යුතුයි.

නුවන් කොඩි­කාර